Download Setup Package (zipped)
Note For Vista/Win7 users : After the installer closes, if you get an error message saying "Access Denied" close rsinglish and run it again with "Run As Administrator"(Select properties by right click on rsinglish.exe goto Compatibility tab and select Run this program as an Administrator)
Note For Win XP/ Win 2000 users : If you don't have the sinhala pack from Siyabas.lk, download and install it. The IME programs packaged with it doesn't need to be running in order to use rsinglish, it's recommended to shut down those applications while you are running rsinglish.
වැඩිදුර විස්තර හා භාවිතයට උපදෙස්
සිංග්ලිශ් ක්‍රමයට තමන්ට අවශ්‍ය ඕනෑම ස්ථානයක සිංහල යුනිකේත අකුරු යතුරුලියනය කිරීම මීට පෙර(rsinglish හදුන්වාදීමට පෙර) ගැටළුවක්ව පැවතිනි. මෙහි ප්‍රධානම විශේෂත්වය MS Windows(2000 or later) මෙහෙයුම් පද්ධති වල ඕනෑම text field එකක කිසිම බාධාවකින් තොරව; කොටින්ම කියනවා නම් නැවත නැවත copy & paste කිරීමකින් තොරව සිංහල අකුරු දිස්වීමට සැලැස්විය හැකි වීමයි.
අනෙකුත් අංග,
* එක් එක් Window එකට අදාල භාෂාව මතක තබා ගැනීම(Smart Language Switch), මෙය ක්‍රියාත්මක කර ඇති විට භාෂාව මාරු කිරීමේ key එක(SCROLL LOCK හෝ PAUSE BREAK) ඔබට භාවිතා කරන්නවන්නේ යම් window එකක පළමු වතාවට සිංහල භාවිතා කරනවා නම් හෝ සිංහල හා ඉංග්‍රීසි එකම text field එකක් තුල භාවිතා කරනවා නම් පමණි. ඉන් පසු එම window එක අදාල භාෂාව සමඟ rsinglish විසින් මතක තබාගනු ඇත. උදා : notepad windows 2ක් open කර එකක සිංහලත් අනිකේ ඉංග්‍රීසිත් භාවිතා කල හැක.
* සිංහල අකුරු වෙනුවට භාවිතා කරන සිංග්ලිශ් වචන ඔබ යතුරු ලියනය කරද්දීම පහතින් දිස් වීමට helper එකක් ඇත.
සිංග්ලිශ් සම්මතයන්ට විරුද්ධවද යම් අකුරු කීපයක් map කර ඇත: q - ං, Q - ඃ, z - ෴, x - ZWJ (මේවා ගැන වැඩිදුර විස්තර පහල ඇති Documentation හී ඇත)
* :P, :S, :D, ^o) ආදී නොයෙක් මුහුණු භාවිතා කිරීමේ දී සිංහල හා ඉංග්‍රීසි මාරු කළ යුතු නොවේ! මේවා මෘධුකාංගය විසින්ම හඳුනාගෙන ඒවා ඉංග්‍රීසියෙන්ම යතුරුලියනය කරයි. ඔබට මෙහි පෙරනිමියෙන් සපයා ඇති මුහුණු වලට වඩා තවත් එක්කල යුතුනම් එය කරන ආකාරය පහත Documentation පිටුවේ විස්තර කොට ඇත.
* සිංහල MS Windows තුල ඕනෑම text input ලබාගන්නා ස්ථානයකට මේ මෘධුකාංගය මගින් Unicode Characters යවනු ලබයි එහෙත් එම පණිවිඩ වලට අනුකූලතා දැක්වීම සෑම මෘධුකාංගයක්ම නියමාකාරයෙන් නොකරයි මේ සදහාද පිළියමක් මෙම මෘධුකාංගයේ ඇතුලත්ය, ඒ නම් Clipboard එක භාවිතා කර අදාළ අකුරු copy & paste කිරීමයි එයට කල යුත්තේ Clipboard නමින් ඇති option එක tick කිරීම පමණි මෙය ද අනෙක් ක්‍රමය වගේම ක්‍රියාකරයි. මේ නිසා Windows මෙහෙයුම් පද්ධතිය තුල ඕනෑම තැනක ඔබට සිංහල භාවිතා කිරීමට මෙයින් හැකිවේ කෙසේ වෙතත් ඔබ ඇතුලු කරන සිංහල අකුරු නියමාකාරයෙන් render කිරීමට(පෙන්වීමට) එම මෘධුකාංගවල හැකියාවක් නැත්නම්(Unicode වලට අනුකූලතාවක් නොදක්වන මෘධුකාංග නම්) ??? ආකාරයෙන් පෙන්වයි මෙය rsinglish වල ප්‍රශ්නයක් නොවේ.
* මේ සියල්ලටම වඩා මෙය නොමිලේ ලබා දෙන මෘධුකාංගයකි...!
Documentation(recommended
for
all
new
users)